ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ඩ්‍රෙස් මාසෙලෝ මහතා හා ජනතා විමුක්ති පෙරමුණේ හා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඊයේ (08දා) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පවත්වා තිබේ.
මෙහිදී කියුබාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පවතින දේශපාලන සබඳතාව සහ ජාතික ජනබලවේගයේ වත්මන් දේශපාලන කටයුතු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බව අනුර කුමාර දිසානායක මහතා පවසයි.
දීර්ඝ කාලයක් තිස්සේ කියුබාවට පනවා ඇති සම්බාධක සහ කියුබාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු සබඳතා, ඒවායේ ප්‍රගතිය සහ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව තානාපතිවරයා තමන්ව දැනුවත් කළ බවද අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
තවද, ශ්‍රී ලංකාව තුළ ඩෙංගු මර්දනය සඳහා කියුබානු රජයේ සහයෝගය ඇතිව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බවත් තවත් මහාද්වීප 03 ක රටවල් සමඟ ද එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක වන බවත් තානාපතිවරයා පැහැදිලි කළේය.