රනිල් වික්‍රමසිංහ මහතා තමන්ව මිත්‍රයෙක් ලෙස හැඳින්වුව ද, මහ බැංකු වංචාව පිළිබඳව පරීක්ෂණ පවත්වා ඊට අදාළ නීතිය ක්‍රියාත්මක කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති දුර අපේක්ෂක අනුරු කුමාර දිසානායක මහතා පැවසීය.
යාලුවා යැයි පවසමින් "ශේප්" වීමට උත්සාහ දැරුව ද ඒ සඳහා කිසිදු ඉඩක් ලබානොදෙන බවත්, ඔහු විසින් වංචනිකයන් ආරක්ෂා කිරීම පිළිබඳව හෙළිදරව් කිරීම නතර නොකරන බවත් ඔහු කීවේය.
ව්‍යාපාර ආරම්භ කිරීමට කැමති අය සඳහා එලෙස ආරම්භ කරන ව්‍යාපාරය ඇපකරයක් ලෙස සලකමින් ණය පහසුකම් ලබාදීමට සංවර්ධන බැංකුවක් ආරම්භ කරන බව ද අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.