2019 කෝ ඉන් පෙර වෙනත් පක්ෂවලට ඡන්දය ලබා දුන් පිරිස් ජාතික ජන බලවේගය සමග එකතු වෙමින් සිටින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
දේශපාලනය යන වීජ ගණිතය නොවන බවත් එය සමාජ විද්‍යාවක් බවත්, ඒ අනුව විශාල දේශපාලන පරිවර්තන සිදුවිය හැකි බවත් ඔහු සඳහන් කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ කොළඹදී අද (01දා) පැවති මැයි රැළිය අමතමිනි.
"මම සජිත්ගේ විවාදය ගැන කතා කරන පළමු අවස්ථාව. මේක මහා ලෙඩක්. අපි කියන්නේ ඔයාම මැයි විස්සට කලින් දිනයක් එවන්න අපිට මොන වැඩේ තිබුණත් අපි ඒ දිනයට එනවා. අපි ඕනම දිනයකට ලෑස්තියි.නැත්නම් මේක මහා කරදරයක්. ජාතික ජන බලවේගය අපි න්‍යාය පත්රයකට අනුව වැඩ කරමින් සිටිනවා.
මහජනයාගේ කැමැත්ත සංවිධායනාත්මක ද කිරීමේ කටයුත්ත කරමින් පවතිනවා. මෙතන සිටින බොහෝ අය අපගේ කොට්ඨාස සභාවක නියෝජිතයෙක්. අපේ රටේ දේශපාලනය පිළිබඳව අඩු මැදිහත්වීමක් තියෙන්නේ කාන්තාවන්ට බව අපි තේරුම් ගත්තා. මැදිහත්වීමෙන් , නායකත්වයෙන් පෙරළීය සිදුකරන්න. එය සාර්ථක වුණා. අපි කාන්තා සභා පිහිටෙව්වා දිස්ත්‍රික් සමුළු පවත්වලා පවත්වලා ඒ වැඩේ සාර්ථකව කළා.
අපේ රටේ උසාවිවල නීතිඥවරුන්ගෙන් සියයට 80 කට වැඩි ප්‍රමාණයක සංගම් අපි පිහිටුවා තිබෙනවා. මේ රටේ විශාලතම භික්ෂු ව්‍යාපාරය අපි ගොඩනඟා තිබෙනවා. සර්වාගමික නායකයින් සමග අපි සාකච්ඡා පවත්වා තිබෙනවා. න් ජූලි මාසේ පළවෙනිදා පැවැත්වීමට නියමිතය. ඔය සංවිධානාත්මක මහජන බලයක්.
අපි අපේ දේශපාලනය තුළ තත්පරයක් දෙකක් විනාඩියක් අනිත් අය ගැන කියනවා. අපිට ඊට වඩා කතා කරන්න දේවල් තිබෙනවා. ඔබව දැනුවත් කළ යුතු දේවල් තිබෙනවා. නමුත් එයාලගේ කතාවල කියන්නෙම අපි ගැන. ඒ අතර එකක් දෙකක් වෙනත් දේවල් කියනවා.
එයාලා මේ රටෙන් පිට ඉන්න අපේ රටේ සංවර්ධනයට සහ ආර්ථිකයට වගේම රටේ දේශපාලනයටත් විශාල බලපෑමක් කරන විදෙස්ගත ප්‍රජාව අමතක කරනවා. මොකද එයාලට හාල් බෙදන්න බෑ නේ. අපි ඔවුන්ටත් ආමන්ත්‍රණය කරමින් සිටිනවා. සැප්තැම්බර් 28 හෝ ඔක්තෝම්බර් 5 ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. තව මාස තුනකින් ජනාධිපති ඡන්දය ප්‍රකාශයට පත් කෙරෙනවා. අපි මේ කරමින් සිටින්නේ ජනතාව ජනතාවාදී පාලනයක් බලවේගයක් වෙනුවෙන් පෙළගැස්වීම.
අපේ දේශපාලනය තුළ සිටින අපේ පැරණි පාක්ෂිකයන් අපි සීයට තුනට අඩුවෙනකොටත් අපිව දරාගෙන සිටියා. අපිත් සමග සිටියා. ඒ වගේම මීට පෙර වෙනත් පක්ෂ වලට ඡන්දය දුන්න වෙනත් පක්ෂවලට වැඩ කරපු අය අපි ළඟට එමින් සිටිනවා. ඒ වගේම ඉදිරියටත් ඔවුන් අපි සමග එකතුවිය යුතුයි. මේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව දිහා බැලුවහම එකක් පැහැදිලියි. මෙතන ඉන්නේ බහුතර පිරිස 2019 හෝ ඉන් පෙර අපට ඡන්දය නොදුන් පිරිස විය හැකියි. මේ වෙද්දි අප සමග එකතු වී සිටිනවා. එය රටේ අනාගතය වෙනුවෙන් සුබදායී පණිවිඩයක්.
සමහරු වීජ ගණිතයෙන් කියනවා කියනවා 3% පනස් තුනක් වෙන්නේ කොහොමද? ඊට වඩා සජිත් ළඟයිනේ කියලා. නමුත් දේශපාලනය කියන්නේ වීජ ගණිතය නොවෙයි. එය සමාජ විද්‍යාවක්. දේශපාලන පරිවර්තන සිදුවන්නේ මහා පිමි වශයෙන්. රට පුරා විවිධ වෘත්තීන්වල නියැලෙන ජනතාව ජාතික ජන බලවේගය සමග එකතුවෙමින් සිටිනවා. සමීක්ෂණ පැත්තකින් තැබුවත් මහ පොළොවේ යථාර්ථය පවසන්නේ ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන බව " යනුවෙන් පැවසීය.
කොළඹ පැවති මේ රැළියේ සඳහා පක්ෂයේ නායකයින් විශාල පිරිසක් එක්ක සිටියහ.