මේ වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණි ඇති MSC Magnifica නෞකාවේ සිටින එකම ශ්‍රී ලාංකිකයා වූ අනුර බණ්ඩාර මහතා බේරා ගැනිම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රාවක් එම නෞකාව සමීපයට ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවැසීය.
කෙසේ වෙතත් මෙම නෞකාවට ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණීමට ඉඩ නොදෙන බවත් නාවික හමුදා යාත්‍රාවට ශ්‍රී ලාංකිකයා ලබා ගැනිමට කටයුතු කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
අද වෙබ් අඩවිය මේ පිළිබඳව ඊයේ අණාවරණය කිරීමෙන් පසු බොහෝ දෙනෙකුගේ අවධානය මේ කෙරෙහි යොමුවූ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව, ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු බොහෝ පිරිසකගේ අවධානය මේ පිළිබඳව යොමුවිය.
මේ පිළිබඳව කටයුතු කළ අද වෙබ් අඩවියට විශේෂ ස්තුතියක්ද අනුර බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
මෙම නෞකාවේ සමස්ත මගින් සංඛ්‍යාව 2700 ක් වූ අතර ලෝක සවාරියක් නෞකාව ජනවාරි මස 5 වෙනිදා පිටත් වුවත් කොරෝනා වසංගතය හේතුවෙන් මෙම සංචාරය ඕස්ට්‍රේලියාවේදි නවතා දැමීමට සිදුව තිබුණ.
ලෝකයේ කිසිදු රටක වරායක් මෙම නෞකාව භාර නොගැනීම හේතුවෙන් නෞකාවේ මවු ශාකාව පිහිටා තිබෙන ඉතාලිය බලා පිටත් වීම සඳහා දැන් ගමන් ආරම්භ කර තිබුණි.
මේ වන විට දින 25 කට අධික කාලයක් සියලු දෙනා මෙම නෞකාවේ රැදි සිටින අතර කිසිදු කොරෝනා ආසාදිතයෙක් නෞකාවෙන් වාර්තා වී නොතිබුණි.
මෙම නෞකාවට සැපයුම් ලබා ගැනීම සඳහා අද අලුයම 6 ට පමණ කොළඹ වරායට පැමිණ පැය 3 ක කාලයක් රැදි සිටීමට නියමිතව තිබුණි.
එහිදි ශ්‍රී ලංකාවට තමාව භාර ගන්නා ලෙසත් අනුර බණ්ඩාර මහතා ඉල්ලීමක් කළේය. මේ අවස්ථාවේදි තමාට ලංකාවට ඒමට බැරි වුවහොත් නැවත යුරෝපයට යෑමට සිදුවන බවත් ඉන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණීම ඉතාමත් අපහසු බවත් ඔහු මුලින් සඳහන් කළේය.
ඔහුව බේරා ගැනීම වෙනුවෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නාවික හමුදාව ප්‍රධාන ත්‍රිවිධ හමුදාව මැදිහත්වී කටයුතු කර තිබේ.
VIDEO
MSC Magnifica නෞකාවේ එකම ශ්‍රී ලාංකිකයා බේරා ගැනිම සඳහා මීනා බෝට්ටුව යයි. ඇතින් පේන්නේ නෞකාවයි.