ජනපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ජනතා විශ්වාසය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.
මෙහිදී ශ්රේෂ්ඨාධිකරණයවඩාත් විශ්වාසනීය ආයතනය ලෙස තවදුරටත් ස්ථානය තහවුරු කරගෙන ඇති අතර සෙසු අධිකරණ හා ත්‍රිවිධ හමුදා අනතුරුව වඩාත් විශ්වාසනීය ආතනය බවට පත්ව ඇතැයි එම ආයතනය පවසයි.
ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය හා සෙසු අධිකරණ පිළිබඳව වන විශ්වාසය මැතිවරණට පෙර සමයට සාපේක්ෂව දෙගුණයකටත් වඩා වැඩි අගයකින් එනම් සියයට 30 සිට පිළිවෙළින් සියයට 72 හා සියයට 62ක් දක්වා වර්ධනය වී තිබේ.
ඒ හා සමානව වෘත්තිය සමිති හා පාර්ලිමේන්තුව පිළිබඳව ජනතා විශ්වාසයත් ජනාධිපතිවරණයට පසු ධනාත්මක තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබේ. කෙසේ වෙතත් පොලීසිය සම්බන්ධ විශ්වාසය සාපේක්ෂව නොවෙනස්ව පැවැති අතර සියයට 32ක් දෙනා ඔවුනට ඒ ආයතනය පිළිබඳව ඇත්තේ අල්ප විශ්වාසයක් හෝ කිසිඳු විශ්වාසයක් නොපවතින බවට ප්‍රකාශ කර තිබේ.