ජාතික ජන බලවේගය පක්ෂයේ ජනපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19දා) පස්වරුවේ අනුරාධපුරයට පැමිණ අමටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන් බැහැ දැක, අනතුරුව ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය.
ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් රට තුල කැලෑ නීතිය ක්‍රියාත්මක කරමින් පවතින බවය. මෛත්‍රිපාල සිරිසේන, චන්ද්‍රිකා කුමාරතුංගද ඔවුන්ගේ පාලන සමයේ කැලෑ නීති ක්‍රියාත්මක කල බවත් ජාතික ජන බලවේගයක් යටතේ නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කරන බවද ඒ මහතා පැවසීය.
"අධිකරණයෙන් වැරදි කරුවන් වූවන්ට , බරපතල ගණයේ අපරාධ කල පුද්ගලයන්ට කිසිදු මැතිවරණයකට ඉදිරි පත්වීමට නොහැකි වන ආකාරයට නීති ගෙන ඒමට අපි ඉදිරියේදී කටයුතු කරනවා. මැතිවරණ සඳහා ඡන්ද අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේදී පක්ෂ නායකයන්ට වගකීමක් තිබෙනවා. ඒත් ඔවුන් මුලින්ම බලන්නේ මැතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා එම අපේක්ෂකයා සතුව මුදල් කොපමණක් තිබෙනවාද යන්න පමණයි.
අපේක්ෂකයා සතුව පවතින දැනුම සහ ගුණ යහපත්කම, අවංක භාවය වෙනුවට මුදල් පමණක් ගැන සිතා මනිනු ලබන සංස්කෘතිය ඉදිරියේදී අපි වෙනස් කරනවා.
වංචා දූෂණය නතර කිරීම හා වංචකයන්ට සහ දූෂකයන්ට දඩුවම් දීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ කිසිසේත්ම බිඳින්නැති පොරොන්දුවක් වෙනවා. නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා වැඩ පිළිවෙළක් , දුප්පත් ජනතාවට ආහාර වේලක් ලබා දීම සඳහා සාධාරණ මුදලක් ලබා දීම, පැහැර හැර ඇති බදු ගෙවන්නන්ගෙන් එම බදු මුදල් අය කර ගැනීම තුලින් ජනතාව නගා සිටුවන සහනාධාර වැඩ පිළිවෙල ශක්තිමත්ව ක්‍රියාත්මක කල හැකි බව අපි විශ්වාස කරනවා.
පක්ෂ මාරු කිරීම අපේ රටේ අවලංගු මැතිවරණ ප්රචාරක කටයුත්තක් බවට මේ වන විට පත්වෙලා තියෙනවා මේ වෙන කොට, පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි මාරු කරමින් වැඩි සංඛ්‍යාවක් පාර්ලිමේන්තු තුල පෙන්වා ජයග්‍රහණය කිරීමට නායකයින් කටයුතු කරමින් සිටිනවා , ජනතා විමුක්ති පෙරමුණ වැඩ පිළිවෙළ තමයි රටේ ජනතාව ඒකරාශී කරමින් කරුණු ඉදිරිපත් කිරීම.
මේ මොහොතේ දේශපාලඥයන් සිය පක්ෂ මාරු කරනුයේ රට හෝ ප්‍රතිපත්ති ගැන සිතා නොව පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීම වෙනුවෙන් අනාථ භාවයෙන් මිදීමටයි. කිසිම අවස්ථාවක ඔවුන්ට ජාතික ජන බලවේගය පක්ෂයේ දොරගුළු විවෘත කරන්නේ නැහැ.
පක්ෂ මාරු කරන දේශපාලනඥයන්ගේ ක්‍රියාකලාපයන්, අපේ රටේ විකෘතිය නිර්මාණය කිරීමට විශාල බලපෑමක් සිදුව ඇති බව ජනතාව දන්නවා. ජාතික ජන බලවෙිගයේ ආණ්ඩුවක් තුල පක්ෂ මාරු කරන දේශපාලඥයන්ගෙ මන්ත්‍රී ධූරය අහෝසි කිරීම සඳහා තිබෙන නීති තව දුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රටේ ජනතාව වෙත බිල්ලෙක් මවමින් සිටින බවත් එතුමාගේ මුළු දේශපාලනයේම ඇත්තේ බිල්ලෙකු නිර්මාණය පමණයි. ජාතික ජන බලවේගයේ වැඩ පිළිවෙල පිළිබඳවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ඇති අතර ඒ අනුව කටයුතු කිරීමට සිය ආණ්ඩුවක් තුලින් කටයුතු කරනවා.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්තියක්, නමුත් සජිත් ප්‍රේමදාස මහතා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ඊයේ දින පමණක් ප්‍රකාශ නිකුත් කලා මීට පෙර කිසි දිනක එවන් ප්‍රකාශයක් ඔහු සිදු කර නැහැ. මැතිවරණය වෙනුවෙන් එවැනි ලාභ සටන් පාඨ ජාතික ජන බලවේගය තුල නැහැ. ප්රජාතන්ත්රවාදී නීති ගරුක සියලු දෙනාටම පොදු වූ සමානතාවය ඇති ආණ්ඩුවක් අපි බිහි කරනවා."