මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් එහි සේවකයන් සඳහා රුපියල් හතළිස් හය කෝටි විසිහතර ලක්ෂ හැටතුන්දහස් එකසිය අසූඅටක මුදලක් (රු. 462,463,188) දීමනා වශයෙන් 2024 වර්ෂයට ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් පෙරේදා (17ද) නිකුත් කර ඇති විගණන වාර්තාව මගින් අනාවරණය වේ. චක්‍රලේඛ මාර්ග උපදේශකයන්ට අනුකූලව එකී දීමනා ගෙවීමේ දී මහා භාණ්ඩාගාරයේ අනුමතිය ලබා ගත යුතුව ඇතත් මෙහිදී එම පිළිවෙත උල්ලංඝනය කර ඇතැයි විගණන වාර්තාවේ සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලයේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ ආයෝජන ප්‍රවර්ධන ලේකම්වරයා හරහා මේ පිළිබඳව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව අනුමතිය විමසා ඇතත්, 2023 වර්ෂයේ ජූලි මස 19 වැනිදා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා මේ සම්බන්ධයෙන් සිහිකැඳවීමේ ලිපියක් ද යවා ඇති බව ය. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සම්බන්ධයෙන් 2024 වර්ෂයට අදාළ නිකුත් කර ඇති විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය වී ඇත.
චන්දන සමරවික්‍රම