රත්තොට කයිකාවල ප්රදේශයේ සැමියා විසින් සිය බිරිඳ 21 රාත්රියේ කපා කොටා ඝාතනය කර ඇති බව පොලිසිය කියයි.
කාන්තාව අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇති බව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ 32/ 2 ,ඉසුරු උයන, කයිකාවල පදිංචි නිරෝසා කුමාරි තලගොල්ල 36 හැවිරිදි කාන්තාවකි.
සැකකාර සැමියා ප්රදේශයෙන් පලාගොස් ඇති අතර රත්තොට පොලිසිය මගින් වැඩි දුර විමර්ශන සිදු කරන බවට ආවරණය වන ලදි .
මඍත ශරීරය මාතලේ මහ රෝහලේ තැන්පත් කර ඇත් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් රත්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මාතලේ මහේෂ් කිර්තිරත්න