විවාහකයෙකු සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන යාම හේතුවෙන් ජපාන රූ රැජින ලෙස කිරුළ දිනූ 26 හැවැරිදි කැරොලිනා ෂිනෝ සිය කිරුණ අත්හැර තිබේ.
යුක්රේනයේ උපතලද ෂිනෝ ජපානයේ රූ රැජින තරගයෙන් ජයග්රහණය කිරීමත් මතභේදයට තුඩුදුන් අතර ඇයගේ මෙම අනියම් ඇසුර හෙළිකර ඇත්තේ ජපාන ටැබ්ලොයිඩ් පුවත්පතක් විසිනි.
මෙම වාර්තාව පළවීමත් සමග ඇය මුලින්ම ප්රකාශ කර තිබුණේ අදාළ පුද්ගලයා විවාහකයෙක් බව තමන් නොදැස සිට බවයි. කෙසේ වෙතත් පසුව ඇය පිළිගෙන ඇත්තේ එම පුද්ගලයා විවාහකයෙක් බව තමන් දැනගෙන සිටි බවයි.
ඒ අනුව ඇය තම කිරුළ අත්හැරීමට කටයුතු කර තිබේ. නොමඟ යැවීම සම්බන්ධයෙන් ඇය සමාව අයැද සිටි අතර සංවිධායකයින් ඇයගේ තනතුරෙන් ඉල්ලා අස්වීම පිළිගෙන ඇති බව ජපාන රූ රැජින සංගමය පවසයි.
කැරෙලිනා චතුර ලෙස ජපන් භාෂාව කතා කරන සහ ලියන අතර 2022 දී ජපාන පුරවැසභාවය ලබා ගෙන තිබේ.