ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් වෙත ලිපියක් යොමුකරමින් ලිඛිතව සිය ප්‍රතිචාරය දැනුම් දී ඇති බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසති.
පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ, අන්තර්වාර පාලනයක් ඇති කිරීම සඳහා ජනාධිපතිවරයාගේ කැමැත්ත එහි ප්‍රකාශ කර තිබූ බවයි.
“මහනායක මාහිමිපාණන් වහන්සේලා දැනුම්දුන් ආකාරයට ඒ ආර්ථික ප්‍රශ්න, රටේ අර්බුදකාරී තත්ත්වයන් නැති කරලා, මහජනතාවගේ සුබ සාධනය සිද්ධ කිරීමට උත්සුක වෙන බව සඳහන් කරනවා. විශේෂයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කරන සාකච්ඡා පිළිබඳවත් සඳහන් කරනවා. ඒ වගේම අන්තර්වාර පාලනයක් ඇති කිරීමට එතුමාගේ කැමැත්ත ප්‍රකාශ කොට තිබෙනවා. ඒ සමගම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කරලා, ඒ කටයුතු සිදුවිය යුතු බවත් එතුමා දැනුම් දී තිබෙනවා. ඒ පිළිබඳව ඉදිරියේදීත් යම් යම් කරුණු තිබෙනවා නම් අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලා ට දැනුවත් කරන බවත් එතුමා දැනුම් දී තිබෙනවා.” යැයි උන්වහන්සේ පැවසීය.