අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චීන ජාතිකයන් 13 කු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර කාන්තාවන් දෙදෙනෙකුද වන බව පොලිසිය කියයි. එම සැකකරුවන් සහ සැකකාරියන් සමඟ එම වංචාව සඳහා යොදාගත් ලැප්ටොප් පරිගණක හා ජංගම දුරකථන විශාල ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංක දෙක ස්ථානාධිපති උපුල් ගල්වල මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් බොරැල්ල ගෝතමී පාරේ සිදුකළ වැටලීමකදී මෙම චීන ජාතික සැකකරුවන් සහ සැකකාරියන් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 30/44 පසුවන අතර සැකකාරියන් දෙදෙනා 24/29 අතර පසු වන්නේ වන බව පොලිසිය කියයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි