2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනුව 2024 ජනාධිපතිවරණයේදී දේශපාලන පක්ෂ, ස්වාධීන කන්ඩායම් හෝ අපේක්ෂකයන් විසින් සිය මැතිවරණ කටයුතු ප්‍රවර්ධනය සඳහා අනන්‍යතාවය හෙළි නොකරන තැනැත්තන් ඇතුළුව ඇතැම් මාර්ග කීපයකින් මුදල් හෝ ද්‍රව්‍ය පරිත්‍යාග සෘජුව හෝ වක්‍රව ලබා ගැනීම නොකළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
ඒ අනුව රජයේ දෙපාර්තමේන්තුවකින් හෝ සංස්ථාවකින් හෝ යම් කොටස් ප්‍රමාණයක් රජය හෝ රාජ්‍ය සංස්ථාවක් විසින් හිමිකාරත්වය දරන මෙරට සංස්ථාපිත සමාගමක් වෙතින්ද, විදේශ රාජ්‍යකින් හෝ ජාත්‍යන්තර සංවිධානයකින් හෝ විදේශයක ලියා පදිංචි පුද්ගල මන්ඩලයකින් ,විදේශීය කොටස් හිමිකාරිත්වය සියයට 50 ක් හෝ ඊට වැඩියෙන් හිමි මෙරට සමාගම් පනත යටතේ හෝ ඊට අදාලව මෙරට සංස්ථාපිත සමාගමක් මගින් මෙන්ම අනන්‍යතාවය හෙළි නොකරන තැනැත්තන්ගෙන්ද මෙකී පරිත්‍යාග බාර ගැනීම නොකළ යුතුය.
එම පරිත්‍යාග මුදලින් හෝ ද්‍රව්‍යවලින් සෘජුවම හෝ වක්‍රව බාර ගැනීම හෝ පිළිගැනීමක් සිදු නොකළ යුතු අතර මෙම විධි විධාන උල්ලංඝනය කිරීම 1981 අංක 15 දරණ ජනාධිපතිවරණ චන්ද විමසීමේ පනත ප්‍රකාරව නීති විරෝධී වරදක් බැවින් news ඒ සඳහා පනවනු දන්ඩනයන්ට යටත් විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණයේ වියදම් නියාමනය පිළිබඳව ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනයේ සඳහන් කරයි.
ජේ.ඉඳුරුවගේ