අධිවේගී මාර්ගවල ධාවනය වූ රථ වාහන වලින් ඉකුත් දින පහ තුළ (10 සිට 15 දක්වා) රුපියල් මිලියන 235 ආදායමක් ලැබී ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් (අධ්යවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශය) ආර් ඒ ඩි කහටපිටිය මහතා පැවසීය.
එය පසුගිය වසරට වඩා මිලියන 75ක වැඩිවීමක් බව අධ්යක්ෂවරයා කීය. වැඩිම වාහන සංඛ්‍යාවක් වන 1 ලක්ෂ 39000 ක ධාවනය වීම සහ වැඩිම ආදායමක් වන මිලියන 46 ක් ලැබී ඇත්තේ 10 වෙනි දිනය.
මෙම වසරේ ගෙවුණු දින පහ තුළ අධිවේගී මාර්ගයන්හි වාහන 6 ලක්ෂ 74000 ධාවනය වී ඇතිවූ බවත් එය පසුගිය වසරට වඩා වාහන 60000 වැඩිවීමක් බව අධ්යක්ෂවරයා කීය.
ඉකුත් දින පහ තුළ සාමාන්‍ය දිනවල මෙන් දිනකට අනතුරු අටක් දහයක් අතර ප්‍රමාණයක් සිදු වී ඇති බවත් මාරක අනතුරු කිසිවක් නොමැති බවත් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය