අධිවේගී මාර්ගයේ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සිදුවී ඇති බව කියන රුපියල් කෝටි ගණනාවක මහා මුදල් වංචාව සම්බන්ධයෙන් ප්‍රධාන මුදල් අයකැමි ඇතුළු අයකැමිවරුන් 22 කුගේ වැඩ තහනම් කල බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එස්. පි. එම්. සූරිය බණ්ඩාර මහතා පැවසීය
අධ්යක්ෂ ජනරාල් වරයාගේ අනුමැතියෙන් (අධ්‍යක්ෂක ,අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරන අංශයේ) නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් පි. එච්. ගුණසිංහ මහතා විසින් එම වැඩ තහනම සිදුකර ඇත.
2020 වසරේ රටේ විදුලි අර්බුදයක් පැවති අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් සිදු කළ බව කියන එම මහා පරිමාණ මුදල් වංචාව විදුලිය පැවති අවස්ථාවේදී ද විසන්ධි කර හා ඉන් අනතුරුව විදුලි වයර් කපා දඉතා කූට අන්දමින් සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සේවකයන් 27 කු සේවයේ යෙදෙන අතර එයින් 22 කු මෙම වංචාව සිදුකර ඇති බව සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.
එම සේවකයන් විසින් විදුලිය විසන්ධි කර ආරක්ෂිත කැමරා අක්‍රිය වීමෙන් අනතුරුව අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් පිටවීම සඳහා පැමිණෙන පාරිභෝගිකයන්ට ප්‍රවේශපත්‍ර නිකුත් නොකර මුදල් අය කරගෙන මහා පරිමාණ මුදල් වංචාව එකි කාලය තුල සිට සිදුකර ඇති බව අනාවරණය වී ඇත
2024 ජනවාරි මස අගභාගයේ දින කීපයක් තුළ ආරක්ෂිත කැමරා අක්‍රිය කිරීමෙන් රුපියල් ලක්ෂ 20 කට ආසන්න ප්‍රමාණයක මුදලක් වංචාවක් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත
ඔවුන්ගේ මෙම වංචනික ක්‍රියාව හසුකර ගැනීම සඳහා විදුලි අංශය මගින් උසස් නිලධාරීන්ගේ උපදෙස් මත විදුලිය අක්‍රිය කල විට ආරක්ෂිත කැමරා පද්ධතිය ක්‍රියාත්මක වීම සඳහා විකල්ප ක්‍රමවේදයක් අනුගමනය කිරීම හේතුවෙන් එම සේවකයන් විදුලිය විසන්ධි කර සිදු කළ සොරකම පැහැදිලිව සීසීටීවි කැමරාවල සටහන්ව තිබෙන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි
ජනවාරි මස 20 වැනි දින විනාඩි 16 ක කාලයක් තුළ ආරක්ෂිත කැමරා දර්ශන පරික්ෂා කිරීමේදී අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් පිටවීම සඳහා පැමිණි වාහන 23 ක් වෙත ටිකට්පත් මුද්‍රණය කර ලබාදී තිබුණේ වාහන 4 කට පමණක් බවත් එදින පෙරවරු 11.30 සිට 2.30 දක්වා කාලය තුළ අයකැමි විසින් රුපියල් 19500/= ක් වටිනා ටිකට්පත් 38 කට ප්‍රමාණයක් මුද්‍රණය කර නොතිබූ බවට අනාවරණය වී ඇත.
මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීද අතුරුගිරිය අධිවේගී පිවිසුමේ සිදු වූ එම වංචාවන් සම්බන්ධයෙන් විගණන දෙපාර්තමේන්තුවේ වාර්තා වලින් ද ඒ බව අනාවරණය වී තිබුණි
වසර ගණනාවක සිට මෙම මහා පරිමාණ මුදල් වංචාවට සම්බන්ධ සේවකයන් යානවාහන මිලදීගෙන මත්පැන් සාද පවත්වමින් සුපිරි ජීවිතයක් ගත කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි
වැඩ තහනම් වූ කාලය තුළ දි පූර්ව අනුමැතියකින් තොරව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු කළමනාකරන අංශයට හෝ අධිකාරියේ ප්‍රධාන කාර්යාලයට හෝ වෙනත් කිසිදු කාර්යාල භූමියකට ඇතුළු වීම හෝ පුද්ගලික කටයුත්තකට වුවද විදේශගතවීම සපුරා තහනම් බවත් වැඩ තහනම් කාලය තුළදී තුළදී වැටුප් ගෙවනු නොලබන බවත්, ඉදිරියේදී විනයානුකූලව කටයුතු කරන බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද ලිපියේ වැඩිදුරටත් සඳහන් වන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි
මේ පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එස් පි එම් සූරිය බණ්ඩාර මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසීය,
" ඔව් මගේ අත්සනින් යුතුව අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සේවකයන් රැසකගේ වැඩ තහනමට ලක් කරනු ලැබුවා."
අධ්‍යක්ෂක අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් පි එච් ගුණසිංහ මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසීය,
"අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සිදු වී තිබූ මුදල් වංචාව සම්බන්ධයෙන් වැඩ තහනමට ලක් කර ලක් ලක්කර සේවයෙන් ඉවත් කරනු ලැබූ සේවකයන් වෙනුවට කාර්යාලයේ සහ අනෙකුත් පිවිසුම් දොරටුවල අතිරේක සේවකයන් යොදවා කිසිදු බාධාවකින් තොරව සේවා සැලසීමට අවශ්‍ය පියවර අරගෙන තියෙනවා"