ඉංජිනේරුවන් දෙදෙනෙකු ගමන් ගත් කැබ් රථයක් අද(10දා) පෙරවරුවේ අධිවේගී මාර්ගයේ කිලෝ මිටර් 0 දශම 5 කොට්ටාව ප්‍රදේශයේදී හදිසියේ ගිනි ගැනීමට ලක්වීමෙන් කැබ් රථයට බරපතල අලාභ සිදුවි ඇතැයි අධිවේගී මාර්ග අතුරුගිරිය අනුපාලක මධ්‍යස්ථානය කියයි.
එම ගින්නෙන් ඉංජිනේරුවන් දෙදෙනාට හෝ රියදුරට කිසිදු තුවාලයක් සිදුවී නැත.
ඇතිවූ ගින්නෙන් කැබ් රථයට සියයට 75 ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී ඇත .
කාර්මික දෝෂයක් මෙම ගින්නට හේතු වී ඇති බව පොලිසිය සැක කරයි.