අප්‍රේල් 10 වැනිදා සිට 14 වැනිදා දක්වා දින 4 ක් තුළ අධිවේගී මාර්ගවල ගමන් ගත් රථ වාහනවලින් මිලියන 150 ක ආදායමක් උපයා ගෙන ඇති බව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ අධ්යක්ෂ ආර්.අයි.ඩී.කහටපිටිය මහතා සඳහන් කරයි.
මෙම කාලය තුළ අධිවේගී මාර්ගයේ වාහන හතළිස් තුන් ලක්ෂ පනස්දාස් පනස් එකක් ධාවනය කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
අධිවේගී මාර්ගවල පෙරේදා (14) දිනය පමණක් උපයා ගෙන ඇති ආදායම හාරකෝටි හතළිස් ලක්ෂයක් බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
ඉදිරි දින කිහිපය තුළද අධිවේගී මාර්ග තුළ වාහන ලක්ගෂ ගණනක් ධාවනය වීමට නියමිත බැවින් රියදුරන්ට නියමිත මාර්ග නීති පිළිපැද අවධානයෙන් තම වාහන ධාවනය කරන මෙන් මාර්ග සංවර්ධන අධිකාරිය ඉල්ලා සිටියි.