මෙරට පැදිම තහනම් කර ඇති අධි ධාරිතාවකින් යුතු 1000 CC වර්ගයේ යතුරුපැදියක කොටස් මෝටර් රථයකින් ප්රවාහනය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකු මුල්ලේරියාව පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා පෑලියගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව පූගොඩ පොලිස් ස්ථානයේ විශේෂ රාජකාරී සඳහා යොදවා සිටියා අයෙක් බවද පොලිසිය සඳහන් කරයි.
මුල්ලේරියාවේ පොලිස් කණ්ඩායමක් විශේෂ රාජකාරියක යෙදී සිටියදී ලද තොරතුරකට අනුව සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂාවට ලක් කිරීමේදී, ඉහත යතුරු පැදියේ කොටස් සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය වන අවස්ථාවේදී මෝටර් රථයේ සැකකරුවන් තිදෙනෙකු ගමන් ගැන ඇති අතර ඉන්න එක සැකකරුවෙකු ඉහත පොලිස් කොස්තාපල්වරයා බවට අනාවරණය කරගෙන ඇත.
සැකකරුවන් විසින් ඉහත යතුරුපැදිය කිසිවකුගෙන් සොරාගෙන හෝ නැතිනම් නීතියානුකූල නොවන අයුරින් මෙරටට ගෙන්වන ලද එකක් බවට සැක කරන කරන බව පොලිසිය පවසයි.
ට එහි කොටස් එකලස් කිරීමේ අදහසින් මෙලෙස ප්රවාහනය කර ඇති බව පොලිසිය සඳහන් කරයි. මුල්ලේරියාව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.