සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය“ වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්රික්කයේ පළමු අදියරේ සුදුසුකම් ලාභීන් 65,393ක් අතුරින් පුද්ගලයන් 662කට සින්නක්කර ඉඩම් ඔප්පු ප්රදානය කිරීම මහියංගනය මහජන ක්රීඩාංගණයේදී ඊයේ (14) ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතින් සංකේතාත්මකව සිදුකෙරිණි.
එහිදී අදහස් දැක්වූ ජනපති වැවැඩිදුරටත් මෙසේ පැවසීය. උරුමය වැඩසටහන 2002, 2003 වසරවල මේ රටේ ක්රියාත්මක කිරීමට තිබු වැඩපිළිවෙළවක් වන අතර අධිකරණ තීන්දුවක් හේතුවෙන් එය නවතා දැමීමට සිදු වූ බවත්, එදා එම වැඩපිළිවෙළ ක්රියාත්මක කිරීමට අවස්ථාව ලැබුණා නම් මීට වසර 20කට පෙර මේ රටේ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට හැකිව තිබුනා.
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ සහ පාර්ලිමේන්තු මැති ඇමති වරුන් , මන්ත්රී වරැන් ඇතුළුව ප්රාදේශීය දේශපාලන අධිකාරිය, රාජ්ය නිලධාරින්, ඉඩම් ඔප්පුලාභීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඉන්දුමූර්ති ජයසූරිය