අධික වේගයෙන් තරුණයෙකු විසින් පැදවූ යතුරුපැදිය වේගය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් ඊයේ රාත්රී සිදුවූ අනතුරකින් එම යතුරුපැදිකරු මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ උග්ගල්බඩ, මහවේදුගම ප්රදේශයේ පදිංචි 25 හැවිරිදි ජී.එම්.ලක්මාල් නැමති තරුණයෙකි. කළුතර උතුර පොලිස් වසමේ උග්ගල්බඩ ගල්දෙක මාර්ගය ඔස්සේ මහදුවේගම සිට ජනරජ මාවත දෙසට ධාවනය වූ මෙම යතුරුපැදිය උග්ගල්බඩ ප්රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන දුරකතන රැහැන් කණුවක ගැටීමෙන් අනතුර සිදුව තිබූ බවවිමර්ශන වලදී අනාවරණය වී ඇත.
අනතුරින් බලපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත්ව ඇත. කළුතර උතුර පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හර්ෂ කුමාර ඇතුළු නිලධාරීහු විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලැබේ.
නිමාලි කහවල