අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ස්පාඤ්ඤයේ බාසිලෝනාහි දී පැවති තොරතුරු සන්නිවේදන තාක්ෂණය පිළිබඳ ලොව ප්‍රමුඛතම සමුළුව වූ ‘මොබයිල් වර්ල්ඩ් කොංග්රස් (Mobile World Congress -24) සමුළුවට සහභාගි විය.
5ජී තාක්ෂණය සහ එහි අනාගතය, සෑම දෙයක ම සහසම්බන්ධ වීම (Iox-Internet of Everything), කෘත්‍රීම බුද්ධියට මානුෂීය මුහුණුවරක් ලබා දීම, ඩිජිටල් කාර්මික පරිවර්තනය, ‘ඩිජිටල් ඩීඑන්ඒ’ මෙවර මෙම වාර්ෂික සමුළුවේ දී කැපී පෙනුණ තේමාවන් ය. ගෝලීය නායකයන් හා තාක්ෂණ ලොව දැවැන්තයන් හමුවේ ඩිජිටල්කරණයේ සහ සන්නිවේදන තාක්ෂණයේ නවතම දියුණුව ගවේෂණය කිරීමට හා අත් දකින්නට ඊට සහභාගී වන්නන්ට මෙම සමුළුවේ දී මනා වේදිකාවක් ඉදි ව තිබුණ අතර මෙරට අධ්‍යාපන අමාත්‍යවරයාට ද ඊට සහභාගී වීමට හැකි විය.
ඉත්ද්රමූර්ති ජයසූරිය