විශ්ව විද්‍යාල සඳහා 2022/2024 සහ 2021/2022 අධ්‍යයන වර්ෂ 02 සඳහා සිසුන් ඇතුළත් කිරීමෙන් පසු පැවති පුරප්පාඩු වෙනුවෙන් නැවත සිසුන් ඇතුළත් කිරීමට කටයුතු කර නොතිබීම හේතුවෙන් එම අධ්‍යයන වර්ෂ දෙකේ දී පමණක් සිසුන් 2941 විශ්ව විද්‍යාල ප්‍රවේශය එම සිසුන්ට අහිමි වී තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නොවැ. මස 05 වන දින නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
2021/ 2022 අධ්‍යයන වර්ෂ 02 දි විශ්ව විද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කිරීමෙන් පසු පුරප්පාඩු 1857 ක් පැවතුණි. 2021/2022 අධ්‍යයන වර්ෂයේ දී විශ්ව විද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කිරීමෙන් පසු පැවති පුරප්පාඩු සංඛ්‍යාව 1084 කි. පුරප්පාඩු ප්‍රමාණය අවම කර උපරිම වශයෙන් ශිෂ්‍යයයන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශ අවස්ථා සැලසීමට කටයුතු කර යුතු බව විගණනය මගින් අනාවරණය කර ඇත.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පුරප්පාඩු සඳහා සිසුන් අනුයුක්ත කළ බවද එම සිසුන් ප්‍රවේශයට භාර නොගෙනීම මත මෙම පුරප්පාඩු ඇති වන බව ප්‍රතිපාදන කොමිසන් සභාව විසින් විගණනයට සඳහන් කර ඇත.