අද සිට පාසල් අසලට විශේෂ පොලිස් නිලධාරීන් යෙදවීමට අවශ්‍ය නොවන බව මහජන ආරක්ෂක ඇමැති විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවැසීය.
ගුරු වර්ජනය හේතුවෙන් ඉකුත් 21, 22 දෙදින තුළ බලපෑම් නොතකා රාජකාරියට වාර්තා කළ ගුරුවරුන් පිරිසක් කළ ඉල්ලීමක් මත එම දෙදින තුළ පාසල් අසලට විශේෂ පොලිස් රැුකවරණය ලබා දුන්නත් මින් ඉදිරියට එවැන්නක් අවශ්‍ය වන්නේ නැතැයිද ඇමැතිවරයා පැවසීය.
රාජකාරියට වාර්තා නොකරන ලෙස ගුරු විදුහල්පතිවරුන් පිරිසකට දුරකථන වලින් තර්ජනය කළ පුද්ගලයන්ට පොලිසිය මගින් දැඩිලෙස අවවාදකර පිටත්කර යැවූ බවද ඇමැතිවරයා සඳහන් කළේය.