ඉස්ලාම් භක්තිකයන්ගේ රාමසාන් උත්සවය නව සඳ ඊයේ 9දා දිස්වීම හේතුවෙන් අද 10 දිනයේ සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි.
රාමසාන් දින පණිඩුයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ ලොව වෙසෙන ඉස්ලාම් භක්තිකයන් මාසයක් පුරා උපවාස කරනුයේ තමන් වෙත ද, අනුන් වෙත ද යහපත උදාකර දීමේ අරමුණ ඇතිව බවය.මෙවර ශ්‍රී ලංකාවාසී ඉස්ලාම් භක්තිකයන් රාමසාන් සමරනුයේ පොදුවේ අපේ රට වඩාත් යහපත් මට්ටමක් කරා එළැඹෙමින් පවතින අවධියක බව ජනාධිපතිනරයා පෙන්වා දෙයි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, අනාදිමත් කාලයක සිට ඉස්ලාමීය ජනතාව රාමසාන් කාල සීමාවේදී තම ආගමික වතාවන් හා ප්‍රාර්ථනා අගය කරමින්, අන් අයටද උපකාර කරමින් රට තුළ පවතින සංස්කෘතික හා ආගමික විවිධත්වයට ආදර්ශමත් අරුත් ලබා දී ඇති බවය.
ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව රටේ පාලන ක්‍රියාවලියට, ව්‍යාපාර ක්ෂේත්රයට, අධ්‍යාපන හා විවිධ වෘත්තීය ක්ෂේත්රවලට, ක්‍රීඩා හා සංස්කෘතික ක්ෂේත්රවලට ලබාදෙන සක්‍රීය දායකත්වය උදෙසා කෘතවේදීත්වය පළ කිරීමට ද මෙය අවස්ථාවක් කර ගන්නා බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.
අප මේ වනවිට පසු කරමින් සිට ජයගෙන සිටින අතිශය අසීරු ඉලක්ක තවදුරටත් ශක්තිමත්ව පවත්වා ගෙන යාම සඳහා මුස්ලිම් ප්‍රජාව කළ කාරුණික කැපවීම ඔබ සඳහා සුවිශේෂී වූ මේ කාලපරාසයේ තව දුරටත් අපේක්ෂා කරන බව ද අගමැතිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
කසුන් රණසිංහ