අද(10දා) සිට ඉදිරි දිනවල උතුර,උතුරු මැද සහ නැගෙනහිර පළත්වලත් මාතලේ හා නුවරඑලිය දිස්ත්‍රික්කවලත් පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද ඌව,උතුර,උතුරු මැද සහ නැගෙනහිර පළත්වලත් මාතලේ හා නුවරඑලිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි. මි 75 ට වැඩි තරමක් තදවැසි ඇති විය හැකි බවද පෙන්වා දෙයි.
උතුර,නැගෙනහිර, උතුර මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද සුළගේ වේගය විටින් විට පැයට කි.මි 30 -40 දක්වා ඉහළ යා හැකි බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද පෙන්වා දෙයි.