අයවැයෙන් කප්පාදු කිරීමට යෝජනා කර තිබෙන සෞඛ්‍ය සේවකයන්ගේ දීමනා ගැටලුව සම්බන්ධයෙන් අද (17දා) පැවැත්වෙන සාකච්ඡා අසාර්ථක වුවහොත් හෙට (18දා) උදේ 8.00 සිට පැය 24 ක වැඩවර්ජනයක් සිදුකරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කරයි.
මෙම වැඩවර්ජනය සඳහා පරිපූරක වෛද්‍ය, අතුරු වෛද්‍ය සේවවාලට සම්බන්ධ වෘත්තීය සමිති විස්සක් සම්බන්ධ වී කටයුතු කරන බවද එම සම්මේලනයේ සමකැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.
අදාළ ගැටලුව සම්බන්ධයෙන් පසුගිය 05වන දින සතියක් තුළදී විසඳුම් ලබා දෙන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා පොරොන්දු වූ බවත්, එහෙත් අදාළ සතියක කාලය තුළදී අදාළ විසඳුම් නොලැබුණ බවද පැවසීය.
කෙසේ වුවත් අද දිනයේදී වෘත්තීය සමිති නියෝජිතයන් දසදෙනෙකුට මුදල් අමාත්‍යාංශ බලධාරීන් සමග අදාළ ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දී තිබෙන බවද සඳහන් කළේය.
මෙම සාකච්ඡාව අසාර්ථක වුවහොත් 18වන දින එක් දින වැඩවර්ජනයක් සිදුකරන බවත්, ඉන්පසුව ගැටලුව විසඳා ගැනීමට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමටත් තීරණයක් ගෙන තිබෙන බවද පැවසීය.
පරිපූරක වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය වෘත්තිකයන් විසින් මෙතෙක් භුක්ති විඳි අතිකාල, රේට් අගයට ලබා දීම සහ නිවාඩු දින දීමනාවලට අදාළව අයවැයෙන් සිදු කළ වෙනස නිවැරදි කළ යුතු බවද ඔහු පවසා සිටියේය.
අයවැයෙන් සිදු කළ වෙනස ක්‍රියාත්මක වුවහොත් අප්‍රේල් මාසයේ සිට සෞඛ්‍ය සේවකයන්ට මාසයකට රු.10,000 – රු.20,000 අතර මුදලක් අහිමි වී යන බවද හෙතෙම පෙන්වා දුන්නේය.