බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා උතුරු පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
නැගෙනහිර හා ඌව පළාත්වලත් හම්බන්තොට හා පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි යැයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.