ඌව හා දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
එසේම උතුරු හා උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
දිවසයිනේ සෙසු ප්‍ර දේශවල සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදි තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් ඌව, බස්නාහිර, සබරගමුව ස දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දන්වයි.