බස්නාහිර, සබරගමුව, දකුණු හා වයඹ පළාත්වලත් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එසේම බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්රහේශවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්ත මේන්තුව දන්වා සිටියි.
නැගෙනහිර, ඌව හා උතුරුමැද පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදි තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වයි.