අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමය පවසයි. එම සංගමයේ සභාපති චන්දන ලාල් ප්‍රකාශයක් සිදුකරමින් පැවසුවේ තවත් වෘත්තීය සමිති කිහිපයක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වන බවය. කැබිනට් මණ්ඩලය විසින් මෙම සේවාවල මූලික වැටුප රුපියල් 3,090කින් අඩු කිරීමට තීරණය කර තිබෙන බවත් එහෙත් දැනට ලැබෙන වැටුප පවා ජීවත්විමට ප්‍රමාණවත් නොවන බවත් මේ නිසා වැටුප් වැඩි කරන ලෙසට සේවකයන් ඉල්ලීම් කරමින් තිබෙන බවද සඳහන් කළේය.
එසේ තිබියදී දැනට ලබා දෙන වැටුප අඩු කිරීමට තීරණය කර තිබෙන බවත් අදාළ තීරණය වෙනස් කරන ලෙස ඉල්ලා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක කාලයක් සේවයෙන් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගයක් සිදුකරන බවත් මෙම ක්‍රියාමාර්ගය සඳහා දුම්රිය, රියදුරු, දුම්රිය නියාමක හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන් සම්බන්ධ වන බවද එම මහතා තවදුරටත් පැවසීය.