දුමිරිය එංජින් රියදුරන්ගේ දෙවැනි පෙළ උසස් වීම ලබා දීම ප්‍රමාද කිරීමට හා වැටුප් කේතයක් නොමැති කමින් බඳවා ගැනීම් ප්‍රමාද වීමට එරෙහිව අද (06දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට දුම්රිය එංජින් රියදුරන්ගෙන් කොටසක් සේවයෙන් ඉවත්වන බව ලෙකොමොට්වි ඔපරේටිං ඉන්ජිනියර්ස් යුනියන් සඳහන් කරයි.
එම ගැටලු විසඳීමට මීට මාස 10 ක සිට වැඩපිළිවෙළක් සකස් කළත් එය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම නිසා මෙම තත්වය ඇති වී තිබෙන බවද සංගමය පෙන්වා දෙයි.
අදාළ ගැටලු කඩිනමින් විසඳන ලෙසට බලධාරීන්ගෙන් අවස්ථා ගණනාවකදී ඉල්ලා සිටියත් එම ගැටලු විසඳීම දිගින් දිගටම ප්‍රමාද කිරීම නිසා මේ ආකාරයට වෘත්තීය ක්‍රියා මාර්ග ගැනීමට සිදුවූ බව එම සංගමය සඳහන් කරයි.