කර්මාන්ත ශාලාවල හා කුඩා කුඩා ව්‍යාපාර අඩපණයි
විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කරන්න ඉන්ධන තොග නෑ
අපනයන නිෂ්පාදන කටයුතු ඇනහිටීමේ අවදානමක්
ම.කො.ස.ඉන්ධන ආනයනයට ඩොලර් මි. 150ක් ඉල්ලුවත් ප්‍රතිචාරයක් නෑ
විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන තොග නොලැබීම නිසා අද (02දා) දිනයේදී පැය හතහමාරක කාලයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.
අද දිනයේදීත් විදුලිබලාගාරවලට ඉන්ධන තොග නිසි ලෙස නොලැබුණහොත් හෙට (03දා) දිනයේදී මීට වඩා කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදු විය හැකි බවද එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේය.
අද දිනයේ විදුලි කප්පාදු කිරීමේ කාලසටහනට අනුව උදේ 08.00 සිට සවස 06.00 දක්වා කාලය තුළදී පැය පහක කාලයක් විදුලිය කප්පාදු කිරීම සිදුවන අතර, සවස 06.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළදී පැය දෙකහමාරක කාලයක් විදුලි කප්පාදු කිරීමක් සිදු වේ.
මේ අනුව E, T, U, V, W කලාපවලට උදෑසන 08.00 සිට දහවල් 01.00 දක්වා පැය පහක් විදුලිය කප්පාදු කිරීම සිදුවන අතර, එම කලාපවලට සවස 06.00 සිට රාත්‍රී 08.30 දක්වා කාලය තුළ පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් සිදු වේ.
F, P, Q, R, S කලාපවලවට දහවල් 01.00 සිට සවස 06.00 දක්වා පැය පහක කාලයක් විදුලි කප්පාදු කිරීම සිදුවන අතර, එම කලාපවලට රාත්‍රී 08.30 සිට රාත්‍රී 11.00 දක්වා පැය දෙක හමාරක කාලයක් විදුලි කප්පාදුවක් සිදු වේ.
කර්මාන්ත ශාලාවල හා කුඩා කුඩා ව්‍යාපාර අඩපණයි
පසුගිය දිනවල සිදු කළ විදුලි කප්පාදු කිරීම නිසා සියලුම කර්මාන්ත ශාලාවල හා කුඩා කුඩා ව්‍යාපාර සිදු කරන ස්ථානවල අදාළ කටයුතු අඩපණ වූ අතර, ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත් විය.
අද දිනයේදී පැය හතහමාරක විදුලි කප්පාදු කිරීමක් සිදුකරන නිසා කර්මාන්තශාලා කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ වන බවද කර්මාන්තශාලා හිමියයෝ සඳහන් කරති.
කර්මාන්තශාලාවල ඇති විදුලි ජනන යන්ත්‍ර
ක්‍රියාත්මක කරන්න ඉන්ධන තොග නෑ
කර්මාන්තශාලා සතු විදුලිජනන යන්ත්‍ර මගින් විදුලිය උත්පාදනය කර ගන්නා ලෙසට රජය ඉල්ලීමක් කර තිබුණත් විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන තොග නොමැති නිසා එම කටයුතු සිදුකිරීමට නොහැකි වී තිබෙන බවත්, මීට අමතරව ඉන්ධන යොදාගෙන විදුලිය නිෂ්පාදනය කරගෙන භාණ්ඩ නිෂ්පාදය කිරීමට අධික මුදලක් වියදම් වන බවත් කාර්මාන්තශාලා හිමියෝ පෙන්වා දෙති.
අපනයන නිෂ්පාදන කටයුතු ඇනහිටීමේ අවදානමක්
මේ ආකාරයට ඉදිරි දිනවලදීත් විදුලි විසන්ධි කිරීම් සිදුකළහොත් අදාළ විදුලි ගැටලුවට විසඳුම් ලැබෙන තෙක් කර්මාන්තශාලා වසා දැමීමට සිදුවන බවත්, ඒ හරහා සේවකයන්ට රැකියා අහිමි වීම හා අපනයන නිෂ්පාදන කටයුතු ඇනහිටීම තුළ රටට ඩොලර් ලැබීමත් අහිමි වන බවත් එම පිරිස් පෙන්වා දෙති.
ම.කො.ස.ඉන්ධන ආනයනයට ඩොලර්
මිලියන 150ක් ඉල්ලුවත් ප්‍රතිචාරයක් නෑ
ඉදිරි මාස දෙකක කාලයක් සඳහා විදුලිබල ජනනය සඳහා අවශ්‍ය ඉන්ධන ආනයනයට ඩොලර් මිලියන 150ක් ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදෙන ලෙසට මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහබැංකුවෙන් හා මහා භාණ්ඩාගාරයෙන් කළ ඉල්ලීමට තවමත් ප්‍රතිචාර ලැබී නොමැති බවද මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.
පළාත්පාලන ආයතන සතු විථි පහන් දැල්වීම
සීමා කරන ඉල්ලීමටත් ප්‍රතිචාර නෑ
මීට අමතරව විදුලි අර්බුදයක් පවතින නිසා පළාත්පාලන ආයතන සතු විථි පහන් දැල්වීම සීමා කරන ලෙසට තම කොමිසම විසින් සිදු කළ ඉල්ලීමටත් තවමත් ප්‍රතිචාර ලැබී නොමැති බවද එම කොමිසම පවසා සිටියේය.
පවතින තත්ත්වය පිළිබඳ රජයට ගෙවීගිය කාලය තුළ පෙන්වා දී තිබුණත් ඒට මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැති බවද මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.
මීට අමතරව ඉදිරි මාස දෙකක කාලයකට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඩොලර් මිලියන 150ක මුදල ඉදිරි දිනවල ලබාදීමට කටයුතු නොකළහොත් ලබන සතියේදී මහ බැංකුවට හා මහා භාණ්ඩාගාරයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මහජන උපයෝගිතා කොමිසම සැලසුම් කර තිබේ.
ඉන්දික හේවාවිතාරණ
00000000000000000000000000
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_8a25acc524.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_4586e666cb.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_07f1361de0.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_f61610fc30.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_4ff99a7070.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_058fb0788a.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_d83da6ec51.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_1c9fea31c8.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_81908eb334.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_fcfd4f343b.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_3bf6033c04.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_32be560686.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_0baf449c9b.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_2faef97236.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_c007e0b2cd.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_8ad98809a5.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_78443c58fc.jpg)