අද (19දා) දිස්ත්‍රික්ක 16ක ඇතැම් ස්ථානවලට මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එනම් යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වව්නියා, අනුරාධපුර, පුත්තලම, කෑගල්ල, පොලොන්නරුව, ගම්පහ, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට හා මොනරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මෙම තත්ත්වය ඇති විය හැකිය.
මේ නිසා වැඩබිම්වල සිටින පිරිස් ප්‍රමාණවත් තරම් ජලය පානය කරන ලෙසත් සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.
වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් කුඩා ළමුන් වාහන තුළ තනියම රඳවා නොයන ලෙසත් ඉල්ලා සිටියි.
එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් පුමාණවත් තරම් ජලය පානය කර සුදු හෝ ළා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් දැනුම් දෙයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගෝලීය ගණිතමය කාලගුණ අනාවැකි ආකෘති දත්ත විශ්ලේෂණය මගින් වායු ගෝලයේ ද්රරිදතාව හා උපරිම උෂ්ණත්ව අගය යොදා ගනිමින් මෙය සකස් කර තිබෙන බවත් උපරිම වායු ගෝලීය උෂ්ණත්වය මෙය නොවන බවත් පෙන්වා දෙයි.
අවධානය යොමු කළ යුතු මට්ටමේදී වැඩි වේලාවක් නිරාවරණය වීමෙන් හා ක්‍රියාකාරකම්වලින් තෙහෙට්ටු වන තත්ත්වයක් ඇති විය හැකි බවත් තවදුරටත් ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් විජලනය සහ ලවණ ඉවත් වීම නිසා මස් පිඩු පෙරලීම සිදුවිය හැකි බවත් අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.
උණුසුම් දර්ශකය අනුව 27 -38 දක්වා අගයන් සාමාන්‍ය තත්ත්වයක් ලෙසත් 39 -45 අතර අගයන් අවධානය යොමු කළ යුතු තත්ත්වයක් ලෙසත් 46-52 අතර අගයන් වැඩි අවධානය යොමු කළ යුතු මට්මේ පවතින බවත් 52න් ඉහළ අගයන් අනතුරුදායක තත්ත්වයක් ලෙසත් පෙන්වා දී ඇත.