අද දිනයේදී දිවයිනේ නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඒ අනුව නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට
වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු සහ උතුරුමැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍ර දෙශවල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, ඌව හා දකුණු පළාත්වලත් අම්පාර හා මඩකළපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් තිබෙන බවද එම දෙපාර්තමේනතුව අද අලුයම නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.