කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද උදෑන නිකුත්කරන ලද කාලගුණ අනාවැකිය අනුවෙ නැහෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකිබව සඳහන්වේ. රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්. දිවයිහන් සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පැවතීය හැකි බව සඳහන් වේ.
බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
ඉදිරි පැය 24 ට දිවයින් වටා වන් මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය වශයේන් නිකුත්කර ඇත්තේ හම්බන්තොට සිට හා පොතුවිල් හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිබවයි.
සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළංගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට ම්බන්හතාට හරහා පොතුවිල් දක්වා හවරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළංගේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) දක්වා වැඩි විය හැක.
කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා මාතර සිට ම්බන්හතාට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකිබව නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වේ.
කසුන් රණසිංහ