ජාතික කාලගුණ විදයා මධ්‍යස්ථානයේ අද දින මධ්යහන් 12.00 ට නිකුත්කරන් ලද කාලගුණ වර්තාව අනුව
බස්නාහිර සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර දිස්ික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. වයඹ පළාතේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සවස් කාලහේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලහේදී මීදුම් සහිත තත්ත්වයක් අපක්ෂා කෙරේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන් අන්තුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජන්තාවප්රගන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනයන් වලදී ශ්‍රී ලංකාව ආශ්රිත
අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට දින 05 දහවල් 12:12 ට බලපිටිය, ඇල්පිටිය, මොරවක සහ
තිස්සමහාරාමය යන ප්‍රෙද්ශ වලට හිරු මුදුන් වනු ඇත.
වැසි තත්ත්වය- පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස කාලයේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
සුළඟ - සුළං නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළංගේ වේගය පැ.කි.මී. (15-25) පමණ වේ.
මුහුදේ ස්වභාවය- දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමානය ස්භාවයේ පවතින අතර
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ
තාවකාලිකව ඉතා රළු විය හැක.
කසුන් රණසිංහ