මිනුවන්ගෙඩ, බොරගොඩවත්ත ප්‍ර දේශයේ ආරාමයක වැඩ සිටියදි පදුගිය 24 දා සිට අතුරුදන්ව සිටි බාලවයස්කර මෙහෙණින් වහන්සේලා තිදෙනා හා එම මෙහෙණින් වහන්සේලා සමග අතුරුදන්වූ කාන්තාව නුවරඑළිය පොලිස් ස්ථානයට පැමිණ භාර වී ඇතැයි පොලිසිය කියයි.
මෙසේ අතුරුදන්ව තිබුණේ අවුරුදු 12, 15, හා 18 යන වයස්හි පසුවූ මෙහෙණින් වහන්සේලා තිදෙනෙක් හා අවුරුදු 32ක් වන කාන්තාවකි.
එම කාන්තාව බාලවයස්කාර මෙහෙණින් වහන්සේලා තිදෙනෙක් නීත්‍යානුකූ භාරකාරත්වයෙන් අපහරණය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රධාන මෙහෙණින් වහන්සේගෙන් සිදුවන පීඩා හේතුවෙන් පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳව කළකිරී මෙම මෙහෙණින් වහන්සේලා තිදෙනා ඒම ආරාමයේම සිටි කාන්තාව සමග ආරාමයෙන් පිටව ගොස් නුවරඒළියේ පිහිටි අදාළ කාන්තාවගේ ඥාතී නිවසකට පැමිණ තිබුණ බව පොලීසිය කියයි.