අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා වූ විශේෂ ජනාධිපති කාර්යසාධක බලකායේ විශේෂ රැස්වීමක් අද (30දා) දින අරලියගහ මන්දිරයේ දී රැස් විය.
දැනට රටේ ක්‍රියාත්මක අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමේ ක්‍රියාමාර්ග පිළිබඳව පූර්ණ සමාලෝචනයක් මෙහිදී සිදුවූ අතර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කරනු ලැබීය.
ඒ අනුව එහිදී පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලදී.
■ මුදල් අතැති අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට නොහැකි වී සිටි පුද්ගලයින්ට ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා දීමේ දැනට ක්‍රියාත්මක වැඩසටහන පිළිබඳ පසු විපරම.
■ බෙහෙත් ද්‍රව්‍ය සැපයීම පිළිබඳව තැපැල් දෙපාර්තමේන්තුව හා සමගාමීව ආරම්භ කරනු ලැබූ නවතම වැඩපිළිවෙල පිළිබඳව අවධානය යොමු කරවීම.
■ මුදල් අතේ නොමැති, බැංකු තැන්පත්වල මුදල් ඇති පිරිසට එම ගිණුම්වලින් මුදල් ලබා ගැනීමට අවස්ථාව සැලසීමේ ක්රමෝපායන්.
■ සමෘද්ධීලාභීන්ට රුපියල් පන්දහසක දීමනාව ලබා දීමේ ක්‍රියාවලිය 2020.03.31 දින වන විට සම්පූර්ණ කිරීම.
■ රජයේ ආධාර දීමනා ලැයිස්තුවට ඇතුලත් නොවූ වර්තමාන කොරෝනා ව්‍යවසනය හේතුවෙන් රැකියා අහිමි වීම නිසා අසරණව සිටින පවුල් සඳහා සහන සැලසීමේ ක්‍රියාමාර්ග පිළිබඳව ද අවධානය යොමු කිරීම.
■ දේශීය ආහාර නිෂ්පාදනය ඉහළනංවා ඉදිරි කන්නය වන විට සහල්, එළවළු, මාළු, කුකුල් මස් වැනි ද්‍රව්‍යවලින් රට ස්වයංපෝෂණය කිරීමේ අවශ්‍යතාවය.
■ සත්ත්ව ආහාර සැපයීම සහ ප්‍රවාහනය යථාවත් කිරීම තුළින් මෙරට සත්ව ගොවිපළ කර්මාන්තය කඩානොවැටී පවත්වාගෙන යෑමට ක්රීයාමාර්ග ගැනීම.