අරලියගහ මන්දිරයේ ස්ථාපිත කර ඇති අත්‍යවශ්‍ය සේවා ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානය දවස පුරා ක්‍රියාත්මක බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය 2020.03.28 වන දින ස්ථාපිත කරනු ලැබූ අතර එමඟින් මහජනතාවට අත්‍යාවශ්‍ය සේවාවන් සැපයීමේදි සම්බන්ධීකරණ කටයුතු සහ පසුවිපරම් කටයුතු ද සිදු කරන අතර මෙම කාල සීමාවේදි ජනතාවට සේවාවන් සැපයීමේදි සිදු වන ගැටළු මෙම මධ්‍යස්ථානය මඟින් පසු විපරම් සහ අවශ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධීකරණයද සිදු කරනු ලැබේ.
තම ප්‍රදේශ වල අත්‍යාවශ්‍ය සේවාවන් සැපයීමේදි යම් දුෂ්කරතාවයන්, අපහසුතාවයන් ඇත්නම් පහත සඳහන් දුරකථන අංකය ඔස්සේ පමණක් පැමිණිලි හා යෝජනා ඉදිරිපත් කරන ලෙස නැවත වතාවක් ඉල්ලීම් කරනු ලැබේ.
සෘජු දුරකතන අංකය - 0113456200
ෆැක්ස් අංක - 0112333066/0114354882
ඊමේල් ලිපිනය - [email protected]