අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමේදී සියයට 100 ක ආන්තිකයක් පනවමින් මහ බැංකුව මිට පෙර නිකුත් කර තිබූ රෙගුලාසි ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
ඉදිරි මාස 6 ක කාලය සඳහා වන ආර්ථික සැලැස්ම ප්‍රකාශයට පත්කරමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය.
රට තුළ ප්‍රමාණවත් විදේශ විනිමයක් පවතින හෙයින් ඉදිරි මාස සඳහා අනවශ්‍ය ලෙස තොග රැස්කර ගැනීමෙන් වළකින ලෙසද මහ බැංකු අධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
විදුලි උපකරණ, පළතුරු ඇතුළු අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමට මීට පෙර සීමා පැනවිය.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_521ea4cd22.jpg)