ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට යාන්ත්‍රණයක් සකසන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ ගම්මට්ටමින් සෑම නිවසක් කරා එම ද්‍රව්‍ය බෙදා හැරීමට සූදානම් බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ආණ්ඩුව ඖෂධ බෙදාහැරීම සඳහා තීරණ අරන් තිබුණත් බිම් මට්ටමින් ඒවා ක්‍රියාත්මක වන බවක් නොපෙනෙන බවයි. එම නිසා ඒ සඳහා කාර්යක්ෂම යාන්ත්‍රණයක් සැකසිය යුතු බව ද ඒ මහතා කියා සිටියේය.
දැනට පිහිටුවා ඇති සමාජ සංරක්ෂණ අරමුදලේ මුදල් ක්‍රමවත්ව හා සංවිධානාත්මකව ජනතාවට සහන ලබා දීම වෙනුවෙන් යෙදවීමට ද සැලසුමක් සහිත යාන්ත්‍රණයක් සැකසිය යුතු බව ද ප්‍රකාශ කළේය.
ඇඳිරි නීතිය ඉවත් කළ පසු ජනතාව නැවත එක් රැස්වීමට පටන් ගනියි නම් ඇඳිරිනීතිය පැනවීමෙන් ඵලක් නොවන බැවින් ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිවසටම ලබාදීම සඳහා කාර්යක්ෂම ක්‍රමවේදයක් සකස් කළ යුතු බව ද කියා සිටියේය. මේ වන විට රජය විසින් ජනතාවට අවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සඳහා යම් ක්‍රියාමාර්ග ගෙන ඇති බව ප්‍රකාශයට පත් කළත් ඒවා ක්‍රියාත්මක කිරීමේ දී සිදුවන අඩුපාඩු මගහරවා ගැනීමට ක්‍රමවේදයක් සැකසිය යුතු බවත්, එවැනි ක්‍රමවේදයක් සැකසුවහොත් කිසිදු භේදයකින් තොරව එම ද්‍රව්‍ය ජනතාව වෙත ලබාදීම සඳහා කළ හැකි උපරිම දායකත්වය ලබා දෙන බව ද පැවසීය.
සංස්කෘතියට ආගමට ගරු කළ යුතු වුවත්, මෙවැනි අවස්ථාවක රෝගයේ භයානක බව පිළිබඳ සලකා ආරක්ෂාවට මූලිකත්වය ලබා දිය යුතු බවද කියා සිටියේය. එමෙන්ම මෙවැනි කාරණා පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ද සැලකිල්ලට ගනිමින්, රජය විසින් පොදු උපදෙස් මාලාවක් සැකසිය යුතු බව ද ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය අංශ සඳහා අවශ්‍ය කරන ආරක්ෂිත ඇඳුම් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී අරමුදලින් හැකි තරම් ලබාදීමට කටයුතු කළ බවත්, තවදුරටත් එම ආරක්ෂිත ඇඳුම් ලබාදීම සඳහා මැදිහත් වන බවත් කියා සිටියේය.