මේ දිනවල පවතින අධික වියළි කාලගුණ තත්තවය නිසා අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් නලජලය භාවිත කරන ලෙස ජලසම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
වාහන සේදීම, ගෙවතු වගාව වැනි කටයුතු සඳහා නලජලය භාවිත නොකරන ලෙසත් පවතින තත්ත්වය අනුව ජලමූලාශවල ජලමට්ටම් ශීඝ්‍රයෙන් පහත වැටෙමින් තිබෙන බවත් පෙන්වා දෙයි.
පවතින උණුසුම්කාරී තත්ත්වය අනුව ජල පරිභෝජනය පවා ඉතා ඉහළ මට්ටමක පවතින නිසා උස් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන්ට ජලය බෙදා හැරීම,අඩු පීඩන තත්ත්වයන් යටතේ සිදුවිය හැකි බවද සඳහන් කරයි.
පවතින තත්ත්වය මත ජනතාවට සිදුව තිබෙන අපහසුතා අවම කිරීම සඳහා ජාතික ජලසම්පාදන මණ්ඩලය උපරිමව කටයුතු කරන බවද සඳහන් කරයි.