ජූලි මස පළමු වැනිදා සිට හාල්, පාන්පිටි, සුදු සීනි, රතු පරිප්පු, කිරිපිටි, ලොකු ළුෑණු, අල, වියළි මිරිස්, වියළි හාල්මැස්සන් සහ වටානා පරිප්පු යන අත්‍යාවශය ආහාර ද්‍රව්‍ය 10ක් සීමා සහිත ප්‍රමාණයන්ගෙන් විවෘත ගිණුම් ක්‍රමය යටතේ ආනයනය කිරීමට යළි අවසර ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ ජූලි මස 1වැනිදා සිට ඉදිරි මාස දෙකක කාල සීමාවක් සදහායි.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව පාරිභෝගික ජනතාවට ලබා දීම සදහා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ අදහසක් අනුව කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන තිබේ.