තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
පෙත්සම්කාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසන්නේ, පසුගිය මැයි මස 9 වනදා කොල්ලුපිටිය "මයිනාගෝගම" සහ ගාලුමුවදොර "ගෝඨාගෝගම" අරගලවලට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් තමාව නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම් කර ඇති බවය.
නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ම සැකකරුවකු වශයෙන් නම් කොට අත්අඩංගුවට ගැනීමට සූදානම වන අතර එය නීතියට පටහැනි බව මන්ත්‍රීවරයා සිය පෙත්සමෙන් සඳහන් කරයි