පුද්ගලයකුට අත් කියතකින් පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් යුධහමුදා මේජර් වරයෙකු අත් අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කොස්ගම යුධහමුදා කදවුරේ රාජකාරි කරන මේජර් වරයෙක් බව පොලිසිය කීය.
සැකකකාර මේජර් වරයා පානදුර වලාන ප්රාදේශයේ සාදයකට සහභාගීවී යලි නිවස කරා යාමට සූදානම් වීමේදී තවත් පිරිසක් අතර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් පහරදීම සිදුව ඇති බව සදහන් වේ.
පහරදීම සිදුවන අවස්ථාවේ එයට මැදිහත්වූ සැකකාර මේජර් වරයාගේ බිරිදද තුවාල ලබා ඇති බවද පොලිසිය කීය.
තුවාල ලැබූ දෙදෙනාම පානදුර මූලික රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්රකාශකයෙක් කීය.
පානදුර මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්රියංකර මහතා ගේ ප්රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරීන් පරීක්ෂණ පවත්වති.
පානදුර සුමිත් පොතුපිටිය