ඉදිරි මාස කිහිපයෙහිදී ග්‍රාමීය පහසුකම් සැලසීම හා අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා රුපියල් බිලියන 20.6ක් වැය කිරීමට රජය තීරණය කර තිබේ.
එසේම මේ පිලිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කර ඇති අතර එහිදී නව කෘෂිකාර්මික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ අනුව අදාළ කෘෂිකාර්මික ව්‍යාපෘති ගම්මානවල ගොවි ජනතාවගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීම, ඔවුන්ගේ යටිතල පහසුකම් සංවර්ධනය සහ නව කෘෂි තාක්ෂණය ඉලක්ක කර ගනිමින් මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.