අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ මෙරට වැඩම කිරීම සිහිපත් කරමින් මිහිඳු මහරහතන් වහන්සේට කෘතගුණ සැලකීමත් උන්වහන්සේගේ ගුණ අනුස්මරණය කිරීමත් ශ්‍රද්ධාවෙන් සහ භක්තියෙන් යුක්තව අනුරාධපුරයට පැමිණ කටයුතු කල යුතු බව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් පැවසූහ.
පොසොන් උත්සවය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වැඩි දුරටත් මෙසේද පැවසුහ.
"මිහිඳු මහරහතන් වහන්සේට කෘතගුණ සලකන පොසොන් සතිය වෙනුවෙන් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ආගමික වතාවත්වල යෙදෙන ලෙස සියලු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා.
මෙවර ජාතික පොසොන් පුණ්‍ය මහෝත්සවය මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට ජාතික පොසොන් උත්සව කමිටුව විසින් කටයුතු සූදානම් කර තිබෙනවා.
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ මෙරට වැඩම කිරීම සිහිපත් කරමින් මිහිඳු මහරහතන් වහන්සේට කෘතගුණ සැලකීමත් උන්වහන්සේගේ ගුණ අනුස්මරණය කිරීමත් ශ්‍රද්ධාවෙන් සහ භක්තියෙන් යුක්තව කටයුතු කළ යුතුයි.
මිහින්තලය ඇතුළු අනුරාධපුර ආගමික ස්ථානයන්හිදී ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් සිදු කරමින් නිවන් මඟ සාක් සාත් කර ගැනීම බෞද්ධයින්ගේ අරමුණ වනවා. ඒ සදහා අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන් මෙම පූජා භූමිය අපවිත්‍ර නොකොට ආරක්ෂාකාරිව කටයුතු කරමින් ආගමික වතාවත්වල යෙදෙන ලෙස මතක් කිරීමක් කරනවා. "