සැමට සෞඛ්‍යය සාක්ෂාත් කර ගැනීම සඳහා අග්නිදිග ආසියානු කලාපයේ රටවලට හෙදියන් හා වින්නඹු මාතාවන් මිලියන 1.9ක් අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
අග්නිදිග ආසියානු කලාපයේ රටවල් සිය හෙදියන් සහ වින්නඹු මාතාවන්ගේ සේවක සංඛ්‍යාව 2030 වන විට මිලියන 1.9 කින් ශක්තිමත් කිරීම හා පුළුල් කිරීම සඳහා වන උත්සාහයන් දෙගුණයකින් ඉහළ දැමිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
හෙදියන් සහ වින්නඹු මාතාවන් සැමට ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් සඳහා කේන්ද්‍රීය වන අතර, රෝගාබාධ වැළැක්වීම, ජීවිත කාලය පුරාම සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම, මව්වරුන්, අලුත උපන් දරුවන් සහ දරුවන් රැකබලා ගැනීම, ජීවිතාරක්ෂක ප්‍රතිශක්තිකරණ ලබා දීම, සෞඛ්‍ය උපදෙස් සහ වයස්ගත පුද්ගලයින් රැකබලා ගැනී සදහා අමිල මෙහෙයක් සිදු කරයි.
ලෝක සෞඛ්‍ය දිනය නිමිත්තෙන් අදහස් දක්වමින් දකුණු ආසියාතික කලාපය සදහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයෙ අධ්යක්ෂ පූණම් කේත්‍රපාල් සිං මහතා සදහන් කරන්නේ සියලු ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ශක්තිය, කුසලතා සහ සහයෝගය ඇති බව සහතික කිරීම සඳහා දරන උත්සාහය දෙගුණ කළ යුතුබවත් ඒ සදහා හෙද හා වින්නඹු මාතාවන් ශ්‍රම බලකායට බඳවා ගැනීම් ශක්තිමත් කළයුතු බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ පදනම සනිටුහන් කරන ලෝක සෞඛ්‍ය දිනයේ මෙවර තේමාව වන්නේ හෙද හා වින්නඹු මාතාවන්ගේ ශ්‍රම බලකායට සහයෝගය දක්වමින් ඔවුන්ව ශක්තිමත් කරමු යනිනයි.
2015 දී ලෝක සෞඛ්‍ය සංවිධානය අග්නිදිග ආසියාවේ සෞඛ්‍ය ශ්‍රම බලකාය ශක්තිමත් කිරීම සඳහා දශකයක කාලයක් නමිකරන ලද්දේ කලාපයේ සෞඛ්‍ය ශ්‍රම බලකායේ හිඟයන් සහ නිපුණතා හිඩැස් මඟහරවා ගැනීම සඳහා ය. හෙද හා වින්නඹු මාතාවන්ගේ අධ්‍යාපනය වැඩි දියුණු කිරීම ඒ අතර ප්‍රධාන වේ.
2018 වන විට කලාපයේ හෙදියන් සහ වින්නඹු මාතාවන් මිලියන 3.5 ක් සිටි අතර එය ජනගහනය 10 000 කට 18 ක් ලෙස විය.එය 2014 දී මිලියන 2.9 සිටි අතර, එව ජනගහනය 10 000 කට 16 ක් විය.
මේ වන විට එහි ප්‍රගතියක් දක්නට ඇති නමුත් තවත් බොහෝ දේ කළ යුතුව ඇති බව කලාපීය අධ්යක්ෂවරයා පැවසීය. කලාපීය සාමාන්‍යය ජනගහනය 10 000 කට හෙදියන් 37 ක් ලෙස ගෝලීය සාමාන්‍යයට වඩා බෙහෙවින් අඩු මට්ටමක තවමත් පවතින බවත් ජනගහනයෙන් 10 000 කට හෙදියන් 40 ක් ලෙස එය සටහන් විය යුතු බවත් ඔහු පවසයි.ඒ අනුව 2030 වන විට කලාපයට තවත් හෙදියන් සහ වින්නඹු මාතාවන් මිලියන 1.9 ක් අවශ්‍ය වන බව ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.
මෙම හිඩැස පිරවීම සඳහා,අපි හෙදියන්ගේ සංඛ්‍යාව වැඩි කර හෙද අධ්‍යාපනය වැඩි දියුණු කළ යුතුයි. හෙදියන්ගේ රැකියා සංඛ්‍යාව, ග්‍රාමීය හා ආන්තික ප්‍රදේශවල ඔවුන්ගේ ගුණාත්මකභාවය හා බෙදා හැරීම වැඩිදියුණු කළ යුතුය. නායකත්වය, කළමනාකරණය සහ හෙදියන් සඳහා විශේෂිත කාර්යභාරයන් පැවරීම අප විසින් වැඩි දියුණු කළ යුතුයි. ”වෛද්‍ය කේත්‍රපාල් සිං මහතා පැවසීය.
“COVID-19 ගෝලීය වශයෙන් පැතිර යාම හෙද හෙදියන් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට කෙතරම් වැදගත්ද යන්න අවධාරණය කරයි. මෙම අභියෝගාත්මක කාලවලදී ඔවුන්ගේ සේවය වෙනුවෙන් ස්තූති කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අවස්ථාව යොදා ගන්නවා” යැයි කලාපීය අධ්යක්ෂවරයා පැවසීය.
හෙද සේවාවේ නිර්මාතෘවරියවන ෆ්ලෝරන්ස් නයිටිංගේල්ගේ 200 වන ජන්ම දිනය නිමිත්තෙන් 2020 වර්ෂය හෙද සහ වින්නඹු මාතාවගේ ජාත්‍යන්තර වර්ෂය ලෙස සමරනු ලැබේ.
මෙම වැදගත් ක්ෂේත්රයේ ප්‍රගතිය පවත්වා ගෙන යාම සහ වේගවත් කිරීම සඳහා එකතු වන ලෙස කලාපීය රටවල් වලින් ඉල්ලා සිටි ආචාර්ය කෙත්‍රපාල් සිං මහතා, “කලාපයේ සියලුම රටවලට ඔවුන්ගේ හෙද හා වින්නඹු මාතාවන්ගේ ශ්‍රම බලකාය ශක්තිමත් කිරීම සඳහා සහයෝගය දැක්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කැපවන බව යළිත් අවධාරණය කළේය.