2025 ජනවාරි මස 03 වැනි දින පස්වරු 3.30 ටපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ දේශන ශාලා අංක 08 තුළ "ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිළිවෙළ පරාජය කරන්නේ කෙසේද" යන මාතෘකාව යටතේ පැවැත්වීමට නියමිතව තිබූ මහජන රැස්වීම පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් තහනම් කළ බවට මාධ්‍ය මගින් පළ කරන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය වන බවත් අග්‍රාමාත්‍යවරියගේ උපදෙස් පරිදි මෙය නතර කළ බවට පලවෙන වාර්තා ද සම්පූර්ණයෙන් අසත්‍ය බවපෙරදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා එම නිවේදනය මගින් වැඩිදුරටත් කියා සිටියි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැන්වීම් සහ සමාජ මාධ්‍ය සටහන්වලට අනුවඑය දේශනයක්, සාකච්ඡාවක්, සම්මන්ත්‍රණයක්,වැඩමළුවක් හෝ අධ්‍යයන ක්රියාකාරමකමක් ලෙස නොවමහජනතාව දැනුවත්කිරීමේ ප්‍රසිද්ධ රැස්වීමක් ලෙස පූර්ව සංවිධානය කර ඇති බව පැහැදිලි වේ.එම රැස්වීම සංවිධානය කර තිබුණේ විශ්වවිද්‍යාලයට පරිබාහිර ජාත්‍යන්තර දේශපාලන සංවිධානයක් සහ පේරාදෙණිය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයක මැදිහත්වීම මගින් යැයි සඳහන් කර තිබුණි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ කිසියම් ශිෂ්‍ය ක්‍රියාකාරමක් සංවිධානය කිරීමට ප්‍රථම විශ්ව විද්‍යාල ප්‍රධාන විනාරක්ෂක විනය පාලක සහ අනෙකුත් අදාල නිලධාරීන් හරහා උපකුලපතිනියෝජ්ය උපකුලපතිවෙතින් පූර්ව අවසරය ලබාගත යුතුවේ. මෙම ප්‍රසිද්ධ රැස්වීම සඳහා කිසිදු පූර්ව අවසරයක් ලබාගෙන නොමැති බව පැහැදිලිව නිරීක්ෂණය වූ අතර පසුව සිදු කරන ලද සොයා බැලීමට අනුව මෙම ශිෂ්‍ය සමාජය විශ්ව විද්‍යාලයේ ලියාපදිංචි කර නොමැති බවත් පසුගිය වසර දහයතුළ කිසිදු ක්‍රියාකාරකමක් කළ බවට වාර්තාකර නොමැති බවත් තහවුරු වේ.
තවද සටන් පාඨ ආකාරයේ මාතෘකාව විවිධ අදහස් දරණශිෂ්ය කණ්ඩායම් සහසහභාගිත්වයන් අතර ගැටුම් ඇති කිරීමට හේතුව විය හැකි බවත් නිරීක්ෂණය විය. එවන් ගැටුම් වළකා ගැනීම සඳහාවැඩ බලන උපකුලපති දේශපාලන විද්‍යා අංශයේ අංශාධිපති හා ශාස්ත්‍ර පීඨ පීඨාධිපති සමග පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව රැස්වීමේ මාතෘකාව මඳක් වෙනස් කිරීමටත් නිසි අවසරය ලබා ගැනීමෙන් අනතුරුව එය පැවැත්වීමට ඉඩ දීමට තීරණය කරන ලදී.
තවද මෙම සංගම් මගින් මීට පෙරද අත්පත්‍රික හා වෙනත් ද්‍රව්‍ය බෙදා හැරීමෙන් විශ්ව විද්‍යාලයේ අවසරයකින් තොරව අනවසර රැස්වීම්පීඨය තුළ සංවිධානය කරමින් පීඨයේ දෛනික අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කිරීමට උත්සාහ දරා ඇති බවටද වාර්තාවේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය අධ්යයනනිදහසආරක්ෂා කිරීමටත් විවේචනාත්මක විමර්ශනය හා බුද්ධිමයමැදිහත්වීමේ සංස්කෘතියක් වර්ධනය කිරීමටත් කැපවී සිටි. බොහෝ ශිෂ්‍ය සංගම් සහ අධ්‍යයන කාර්ය මණ්ඩලයනිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් සෑම සතියකම පාහේ සම්මන්ත්රණ දේශන වැඩමලු සහ විවාද රාශියක් සංවිධානය කරයි.එමගින් විශ්වවිද්‍යාලය තුළ නිදහස්ආරක්ෂාකාරී බුද්ධිමයඋත්තේජකපරිසරයක් නිර්මාණය කිරීමට ඇති කැපවීම පිළිබිඹු කරයි.
විශ්ව විද්‍යාලය පුද්ගලහාකණ්ඩායම් වශයෙන් සිදු කරනු ලබන ක්‍රියාකාරකම් විධිමත් ලෙස සිදුකිරීමදිරි ගන්වන අතරඑමඟින්ආයතනිකවටිනාකම් සහ කීර්ති නාමය ආරක්ෂා වන බව සහතිකකරයි. නිසි අවසරය ලබාගෙන ඕනෑම විවේචනාත්මක විමර්ශනාත්මක ශාස්ත්‍රීය වැඩසටහනක් ඉදිරිපත් කිරීමට ඕනෑම ලියාපදිංචි ශිෂ්‍ය සංවිධානයක සංගමයක සමාජයකට ඉඩහසර විශ්ව විද්‍යාලය තුළවිවර කර ඇති බවට මෙයින් තහවුරු කෙරේ.