
ජනාධිපති මෛත්රීපාලසිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12දා)පැවැති බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයඑක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරු වර්ජනයකරද්දී ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු එම අවස්ථාවට පැමිණ සිටීම විශේෂත්වයක් විය.
මෙම විවෘත කිරීමේ උත්සවයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා නොකිරීමට විරෝධය පළකර එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරු සියලු දෙනා වර්ජනය කර තිබූ අතර, තම යුතුකමක් ලෙස සලකා මෙම උත්සවයට සහභාගි වූ බව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු සඳහන් කළහ.
ජාතික ආණ්ඩුවක් පවතින අවස්ථාවක මෙවැනි වැදගත් උත්සවයක් විවෘත කිරීමට ජනාධිපතිවරයාට ආරාධනා කරන අවස්ථාවේදී අගමැතිවරයාටද ආරාධනා කිරීම යුතුකමක් බව එ.ජා.ප. මන්ත්‍රීවරු පෙන්වා දෙති.
ජාතික ආණ්ඩුවආරක්ෂා කරගනිමින් එ.ජා.ප. මන්ත්‍රීවරු පළාත් සභාවේ අයවැය අවස්ථාවලදී, පරිපූරක ඇස්තමේන්තුවලදී සහාය දුන් බවත්,ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා එම කාරණානොසලකා හැර ජනාධිපතිවරයාට පමණක් ආරාධනා කර තිබීම අනුමත කළ නොහැකි බවත් බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන සංවිධායක ජෝර්ජ් පෙරේරා මහතා පැවසීය.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
“ආරාධනා පත්‍රයට ආණ්ඩුකාරවරයාගේ නම ඇතුළත් කරලත් නැහැ.සාමාන්‍යයෙන් මෙවැනි උත්සවයකදී පළකරන දැන්වීම්වල ජනාධිපති හා අගමැති දෙදෙනාගේම ඡායාරූප ඇතුළත් කිරීම සිරිතක්. ඒත් මේ උත්සවය පිළිබඳ පළකළ පුවත්පත් දැන්වීම් කිසිවක අගමැතිවරයාගේ පින්තූර නැහැ. මේ තත්ත්වය සම්බන්ධයෙන් අපේ කණ්ඩායම් රැස්වීම් දෙකකදී සාකච්ඡා කරලා ඒකමතිකව තීරණය කළා උත්සවය වර්ජනය කරන්න. ඒ අනුව තමයි අපි අද උත්සවයට සම්බන්ධ නොවුණේ" යනුවෙන් පවසා සිටියේය.
බස්නාහිර පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරු මෙම උත්සවයට පැමිණ සිටීම සම්බන්ධව අදහස් දැක්වූ පළාත් සභා මන්ත්‍රී මෙරිල් පෙරේරා මහතා, තම කණ්ඩායම සිටිනුයේ මහින්ද රාජපක්ෂ මහතා සමග මිස මෛත්‍රීපාල සිරිසේන මහතා සමග නොවන බව පවසා සිටියේය.
“අද විවෘත කෙරුණේ අපේ පළාත් සභා රැස්වීම් ශාලාව. එයට සම්බන්ධ වීම අපේ යුතුකමක්. මොකද ඒක අපේ සභාව නිසා. ඒ නිසා අපි ඒ අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ලෙස සහභාගි වුණා" යනුවෙන් හෙතෙම පවසා සිටියේය.
මෙම විවෘත කිරීමේ උත්සවයේ නව සභා රැස්වීම් ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට මාධ්‍යවේදීන්ට සහභාගි වීමට ආරක්ෂක අංශයෙන් අවස්ථාව නොලැබිණි.
ගොඩනැගිල්ලේ සමරු ඵලකය නිරාවරණය කිරීමේ අවස්ථාවේ සිට ඡායාරූප ශිල්පීන් හා මාධ්‍යවේදින් ජනාධිපතිවරයා සමග සෑම ස්ථානයකටම ගිය නමුත් සභා රැස්වීම් ශාලාවට ඇතුළු වී මද වේලාවකට පසුව පැමිණි ආරක්ෂක නිලධාරීහු එම මාධ්‍යවේදීන් පිරිස සභාවෙන් ඉවත් කළහ.
මාධ්‍යවේදීන්ට නිල උත්සව සභාවේ අසුන් පනවා තිබුණද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදහස් දැක්වූයේ සභා රැස්වීම් ශාලාව විවෘත කරමින් එහි මංගල සභාවේදී වීම හේතුවෙන් මාධ්‍යවේදීන්ට එම අවස්ථාව ගිලිහිණි. පළාත් සභාවේ රැස්වීම් ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට සභා රැස්වීම් ශාලාවට ඇතුළු වීමට ඉඩ ලබාදෙන තත්ත්වයක් යටතේ මෙම මංගල සභාව ආවරණයට ඉඩ නොදීම පිළිබඳ මාධ්‍යවේදීහු උත්සවයේ සංවිධායකයන් වෙත සිය කනගාටුව ප්‍රකාශ කළහ.
බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ ඉදිකරන ලද මහල් පහළොවකින් යුක්තමෙම ගොඩනැගිල්ලවිවෘත කිරීම හේතුවෙන් පළාත් සභාවේ සියලු අමාත්‍යාංශය කාර්යාල, මහඇමති කාර්යාලය, සභා ලේකම් කාර්යාලය හා සභාරැස්වීම් ශාලාවඑකම ස්ථානයක පවත්වාගෙන යෑමට අවස්ථාව ලැබෙන බව සංවිධායකයෝ පැවසූහ.
