පළාත් පාලන මැතිවරණයට තරග වැදීම සඳහා සමගි ජන බලවේගය සූදානම් බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
ඒ අනුව අනුරාධපුර රැලියේදී මැතිවරණ සඳහා සූදානම් වන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ අභියෝගය භාර ගන්නා බව අද (10දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම එළඹෙන මාසයේදී සමගි ජන බලවේගයේ රැඝියක් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු කරන බව සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා,
"ජනාධිපතිතුමයි, අගමැතිතුමයි ගෝලයෝ රොත්තක් දාගෙන පුරසාරම්බෑවා. ආරම්භයේදී කියන්න ඕන අගමැතිතුමා කිව්වා එතුමන්ලාට මහ පාරත් ඔට්ටුයි,රැල්ලත් ඔට්ටුයි, පාද යාත්‍රාත් ගිහින් තිබෙනවා කියලා ඡන්දෙකට එන්න කියනවා. අපි අගමැතිතුමාගේ අභියෝගය භාරගෙන අපි එතුමට කියනවා අපිටත් මහපාරත් ඔට්ටුයි, ඒ වගේම රැල්ලත් ඔට්ටුයි, කුඹුර වගේම ඡන්දෙත් ඔට්ටුයි කියලා.
ඒ නිසා අපි අගමැතිතුමාගේ අභියෝගය භාරගෙන අපි එතුමාට කියනවා තමුන්නාන්සේලා බයේ කල් දාපු පළාත් පාලන මැතිවරණය තියන්න. ඒ අභියෝගයට සමගි ජන බලවේගය ලෑස්තියි. ජනවරම උරගා බලමු මොන පැත්තටද ජනවරම තිබෙන්නේ කියලා.
2019 සල්ගාදු ක්‍රීඩාංගණයයි ඊයේ සල්ගාදු ක්‍රීඩාංගණයයි මාධ්‍ය විසින් විමර්ශනය කරලා බැලුවොත් තේරෙයි කොහොමද කියලා. අපි මෙදා පාර කොළඹ හෝ නුවර නෙවෙයි කරන්නේලබන මාසේ අපිත් සල්ගාදු ක්‍රීඩාං‘ගණයේ රැලියක් තියලා පෙන්වනවා ජනවරම කොහෙද තිබෙන්නේ කියලා. අගමැතිතුමා ඔබතුමාගේ අභියෝගය අපි භාර ගත්තා අපේ අභියෝගය ඔබතුමා භාර ගන්න කියලා කියනවා" යනුවෙන් සඳහන් කළේය.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_18d48f72c9.jpg)